037 22 24 776 / 037 22 21 119

037 22 24 776

info@wayabaroyal.lk

Home About School Identity

සුභ උපන්දිනයක්

අද දින 30 වන උපන් දිනය සමරන වයඹ රාජකීය විද්‍යාලයේ ජයග්‍රාහී අනාගතය ට උණුසුම් සුභ පැතුම් එක්කරමි. 1993 වර්ෂයේ දී සිසුන් 142 ක් හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් යුක්තව ආරම්භ කල අප විද්‍ යාලය අද වනවිට සිසුන් 5000 කට ආසන්න ප්‍රමාණයක් හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලය 200 කට ප්‍රමාණයක් සහිතව ක්‍රියාත්මක වන සුවිසල් රුක්ෂයක් බවට පත්ව ඇත.

සියලු සම්පත් වලින් පරිපූර්ණව පවතින අප පාසල අද වනවිට රටට දායාද කල උගතුන් වියතුන් ප්‍රමාණය අතිමහත්ය . පසුගිය වසර වනවිට විෂය සමගාමී ඇතුළු සියලු ක්ෂේත්‍ර වලින් සමස්ථ ලංකා ජයග්‍රහණ රාශියක් හිමිකරගෙන සමස්ථ ලංකවේ ප්‍රමුඛ පාසලක් බවට පත්ව ඇත.

විද්‍යාලයේ ආරම්භක නියමුවානන් වන මානෙල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ සිට මේ දක්වා විද්‍යාලයේ නැගීමට උරදුන් සියලු විදුහල්පතිවරුනටත් , සේවය සැපයූ අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් , පාසල් සංවර්ධන සමිතියට එක්ව සහාය ලබාදුන් සියලු දෙමාපියන්ටත් ,නන් අයුරින් කැපවීම් කල ආදි ශිෂ්‍ය සංගමයත්, සුභපතන්නන් හා එදා මෙදාතුර ප්‍රතිලාභ ලැබූ හා ලබන සියලු සිසු දරු දැරියන්ටත් මාගෙ ප්‍රණාමය පුද කරමි.

උසස් පෙළ විභාගය හේතුවෙන් පාසලට සෙත්පතා සිදුකරනු ලබන වාර්ශික පිරිත් පින්කම මාර්තු මාසයේ දි සිදු කිරිමට .නියමිතය. විද්‍යාලයේ ඉදිරි ගමන සාර්ථක වී ලක්බිමේ දිදුළන නමක් ඇති පාසලක් බවට පත්වන්නට මාගේ උණුසුම් සුභ පැතුම් එක් කරමි.

විදුහල්පති

H.M ආරියදාස

WAYAMBA ROYAL COLLEGE

Wayamba Royal College,
Katugasthota-Kurunegala-Puttalam Hwy,
Kurunegala.

037 22 24 776 / 037 22 21 119

All Rights Reserved Wayamba Royal 2021 Web Design and Deverlop by gloview.lk